සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මේමස 22 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය.
22 වැනිදා පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිත ලී සියැන් ලුන්ග්මහතා ලබන 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගසාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත.
එමෙන්ම දෙරටට වැදගත්වන ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමද 23 වැනිදා සිදුකිරීමට නියමිතය.
22 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්‍රීලංකාවේ සංචාරයේ යෙදෙන සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනෙකු සමගම ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

