සිංගප්පුරු-ශ්‍රි ලංකා වෙළඳ ගිවිසුම අත්හිටුවන්නැයි ඉල්ලයි


ආරියරත්න රණබාහු
 
දැනට අස්සන් කර ඇති සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කරවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ඉංජිනේරු සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගෙන් ඉල්ලිමක් කළේය.

ඊට අමතරව දැනට යෝජනා වී ඇති ඉන්දු- ලංකා ගිවිසුම සඳහා කෙරෙන ද්වි පාර්ශවික සාකච්ඡා ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ද එම සංගමය වැඩිදුරටත් ඉල්ලීය.

ඉංජිනේරු සංගමය විසින් එම ඉල්ලීම් කරනු ලැබුවේ කොළඹ 7 විජේසුන්දර මාවතේ පැවති විද්වත් වෘත්තිකයින්ගේ ආයතනයේ අද (25) දහවල් පැවති මාධ්‍ය හමුවක දීය.

රජයට අවාසිදායක විදේශ වෙළඳ ගිවිසුම් වහා අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රජයට දැන්වීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.