මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදා ගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳූන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකගතාවය පළ කර තිබේ.
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඩෙස්මන්ඩ් ලී මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් අද (24) මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම එකඟතාවය පළ කෙරිණි.
(28535)
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)