(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ගිවිසුමේ කුමක් තිබුණත් සිංගප්පුරුවේ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයි උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටේ නීතිය අනුව පිටරටවල අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයිද ඔහු කීය.
සමරවික්‍රම මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා සිංගප්පුරු ගිවිසුම පිළිබඳ විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයනට පිළිතුරු දෙමිනි.
එහිදී විමල් වීරවංශ මහතා මෙසේ කීවේය.
අපද්‍රව්‍ය ගෙන්නේ නැත්නම් ගිවිසුම දැම්මේ මොකටද? මේ ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසුව සිංගප්පූරුවේ නාගරික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, විකිරණශීලි අපද්‍රව්‍ය, ආවම අපේ රටේ ලොකු විනාශයක් ඇති වේවි. අපේ දරුවන්ට න්‍යෂ්ඨික අපද්‍රව්‍යවලින් මියැදෙන්න වේවි. මෙම ගිවිසුමට ගත්තු මුදල් වලට ශාප වෙනවා.