සි.අයි.ඩි ලෙස පෙනී සිටි තිදෙනා රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු(සි.අයි.ඩි) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලූපිටියේ නිවසක් පරීක්ෂා කර රුපියල් දෙකෝටි විසිලක්ෂයක මුදලක් හා ඩොලර් 3500ක් අල්ලස් වශයෙන් ගත් බව කියන දෙමටගොඩ සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය ලබන 28 දින  දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(14) නියෝග කළේය.

සැකකරුවන් සිව් දෙනා අල්ලස් ලබා ගැනීම සඳහා කුලී පදනම මත රැගෙන පැමිණි කාර් රථය පරම අයිතිකරුට මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් සම්බන්ධයෙන් දුරකථන දත්ත වාර්තා කැඳවීමට,කටහඬ පරීක්ෂණ සිදු කිරීමට හා ඔහු සමග සම්බන්ධ සැබෑ පොලිස් නිලධාරීන් පිළිබඳ විමර්ශන අවසන් නොමැති බැවින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.