(විනිතා එම් ගමගේ)
දිවයිනේ සියලූම ධීවර වරායන්ට පැමිණෙන බෝට්ටුවලින් ගෙන එන මසුන් මිල දී ගැනීමට ලංකා ධීවර සංස්ථාව පියවර ගෙන ඇත.
මසුන් මිලදී ගැනිමේ කටයුතු ඉදිරි දින දෙක තුන තුළ සියලූම ධීවර වරායන්ට එන මසුන් මිල දී ගැනීමට හැකි වන පරිදි වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතා ලංකාදීපයට පැවැසීය.
දික් ඕවිට ධීවර වරායට එන මසුන් මේ වනවිටත් මිල දී ගන්නා බවත් ධීවර ජනතාවට කිසිදු අගතියක් සිදුවන්නට ඉඩක් නොතබන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ධීවර වරායන්ට ගෙන එන මසුන් අස්වැන්න යලි මුහුදට විසිකරන්නට ධීවරයින්ට සිදුව ඇතැයි සමහර සමාජ මාධ්‍ය ගෙන යන ප‍්‍රචාරය බොරුවක් යැයි කී දේවනන්දා මහතා එවැනි තත්ත්වයකට වැටෙන්නට ධීවර ජනතාවට ඉඩ නොතබන බව වගකීමෙන් පවසන බවත් සදහන් කළේය.

