සැසිය කල් දාන ගැසට්ටුවේ හිලක්


සුජිත් හේවාජුලිගේ 

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වුවත් වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත.

මේ නිසා සැසිවාරය පටන් ගන්නා වේලාව සටහන් කර අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු නව සැසිවාරය පටන් ගැනීමට නියම්තව ඇත්තේ මැයි මස 8 වැනිදාය.