(විනීතා එම් ගමගේ)
ග්‍රෑම් 24 ෂැම්පු සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඉල්ලා ප්‍රකට බහු ජාතික සමාගමක් තමන් හමුවී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එම සමාගම විසින් ග්රෑම් 20 ට අඩු සැෂේ පැකට් නිපදවීම තහනම් බවට පවතින නීතිය නොසලකා ග්‍රෑම් 24 බැගින් වන සැෂේ පැකට් මේ වනවිටත් වෙළඳ පොළට නිකුත් කර ඇතැයි ද අමාත්‍යවරයා පවසයි .
රටේ පවතින නීතියට අනුගත වෙමින් කටයුතු කරන්නැයි තමන් එම සමාගමේ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටි බව කී අමරවීර මහතා රටේ වැව්,ගංගා, ඇළදොළ ආදි ජල පද්ධතියට විශාල හානියක් මෙම හිස් සැෂේ පැකට් පරිසරයට මුදා හැරීම නිසා සිදුවන බවත් නීතිය පනවන ලද්දේ නිෂ්පාදන සමාගම් අකර්මණ්‍ය කිරීමට නොව පරිසරය සුරැකීම හා මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා බවත් ඔවුන්ට පැහැදිලි කර දුන් බව ද කීය.

