සැලසුම් හදදී ආර්ථිකේ ගැනත් හිතන්න - ජනපතිගෙන් උපදෙස්


ක.ග කරුණාරත්න
 
සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීමේදී රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන රටට ඔරොත්තු දෙන ආකාරයට  කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) පොළොන්නරුවේදී නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.
 
රට වශයෙන් ආර්ථිකය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න අප කල්පනා කළ යුතුව ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද(26) පෙරවරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ මුලසුන හොබවමිනි.