සැලසිනේ‘ සුභ සාධක සංගමයේ හිටපු සභාපති රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)
 සැලසිනේ රූපවාහිනී ආයතනයට අයත් බැංකු ගිණුමේ මුදල් එම ආයතනයේම සුභසාධක සංගමයේ ගිණුමට බැර කරමින් එයින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු මුදලක් ලබාගෙන වංචා කළැයි ගත් එම සුභසාධක සංගමයේ හිටපු සභාපතිවරයා ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (30) නියෝග කළාය.
 
 මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ඔහු   අත්අඩංගුවට  ගෙන තිබිණි.
 
 ඒ අනුව එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුලියාපිටිය පදිංචි ප‍්‍රභාත් මධුභාෂණ රන්හොටිගේ නැමැති සැලසිනේ රූපවාහිණී ආයතනයේ සුභ සාධක සංගමයේ හිටපු සභාපතිවරයාය.
 
 සැලසිනේ රූපවාහිනී ආයතනයේ හිටපු අභ්‍යන්තර විගණක නිලධාරිනී මනීෂා සුභානි ජයලත් මහත්මිය වෙත සැකකරු මෙම මුදල් ලබාදුන් බවට කරුණු අනාවරණය වන බැවින් නිතිපතිවරයාගේ උපදෙස් මත මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.