සැලසිනේ ආයතනය සතු රුපියල් කෝටියක අධික මුදලක් එහි සුබ සාධන අංශය හරහා වංචනික ලෙස ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට එහි බැංකු ගිණුම පිළිබඳ විස්තර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලංකා බැංකුවේ නිදහස් චතුරශ්‍ර ශාඛාවේ කළමනාකරුට නියම කළේය.
රජයට අයත් එකම දැන්වීම් ප්‍රචාරණ ආයතනය වන සැලසිනේ ආයතයේ එම මුදල් හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වංචනිකව ලබාගෙන ඇතැයි වත්මන් සභාපති කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුකරයි.

