නිමන්ති රණසිංහ
රුපියල් දහනව ලක්ෂ විසිපන්දහස් නවසීයක මුදලක් පෞද්ගලික ආයතනයක ලබාදෙමින් අවභාවිතා කළැයි කියන සැලසීනේ සභාපති ප්‍රදීප් කුමාර එදිරිසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විවෘත වරෙන්තු නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව විමර්ශන අධිකරණය හමුවේ විභාග වුවත් සැකකරු මේ වන විට විදේශ ගත කර සිටින අතර අධි චෝදනා ගොනු කළ හැකි වරදක් සිදු කර ඇති බැවින් සැකකරුට වරෙන්තු නිකුත් කරන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට වරෙන්තු නිකුත් කළේය.