සැරයන් සුනිල් රත්නායකට නිදහස ලබා දීම දෙමළ ජාතික සන්ධානයේ විරෝධය


රොමේෂ් මධුෂංඛ

යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමා නිදහස ලබා දීම දැඩි ලෙස කනගාටුවට කරුණක් බව ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.

මාවෙයි සේනාධාරාජා මේ බව යාපනයේදී මාධ්‍යෙව්දීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු වැඩි දුරටත් මෙසේ කිය.

‘සුනිල් රත්නායක යුද හමුදා සෙබලා වැරදිකරු වශයෙන් අධිකරණයෙන් නියම වී ඇති අවස්ථාවක ඔහුට ජනාධිපති සමාව දීම දැඩි භයානක තත්වයක් බවයි. එමෙන්ම කොරෝනා අවදානම අතරතුර එය හේතුවක් කර ගෙන එම යුද හමුදා සෙබලා නිදහස් කරේනම් එයද පිළිගත නොහැකි බවටත් ජාත්‍යන්තරයම මේ දෙස අවධානය යොමු කල යුතු බවයි'

'ජාත්‍යන්තරයේ විරෝධතාවක පවතින අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙසින් අධිකරණය අත්තනෝමතිකව භාවිතා කිරීම භයානක තත්වයක් බවත් ඊට එහා යුද සමයේදී සුලු වැරදි වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් තවමත් සිරගතව සිටීම දැඩි අසාධාරණයක් බවයි'