සැර කොරෝනා හඳුනාගන්න අලුත් පී.සී. ආර් කට්ටල


(සුජිත් හේවාජුලිගේ )

නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සඳහාවූ ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා පී.සී.ආර් කට්ටල කිහිපයක්  අලුතින් ගෙනැවිත් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය .

එසේම ජාන විශ්ලේෂණ පරීක්ෂණ  වේගවත් කර ඇතැයිද  ඔහු සඳහන් කළේය .

මේ අතර ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය  ආසාදනයවූ   දසදෙනකු  මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇත .එම රෝගීන් දස දෙනා ම හඳුනා ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ  සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී  ආචාර්ය  චන්දිම ජීවන්දර මහතා  ඇතුළු කණ්ඩායමක් විසිනි .