සැමියාගේ වටිනා අංගයක් කැපූ බිරියගේ මනස බලයි


(උපාලි ආනන්ද)

යුද හමුදා සෙබළකු වන තම සැමියාගේ පුරුෂ ලිංගය ගිරයකින් කපා බරපතල තවාල කළැයි කියන රිමාන්ඞ් කර සිටි බිරිය රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.

සැකකාර කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍ය සායනයකදී මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව මස 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා කවරක්කුලම පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ ඇප මත මුදා හැරියේ අනුරාධපුර යහලේගම  ඩබ්ලිව්. පී. දර්ශිකා භාග්‍යා මාධවී දිසානායක නැමැති කාන්තාවයි

තම සෙබළ සැමියා දිවා කාලයේ නිවසේ නිදා ගෙන සිටින අතරවාරයේ සැකකාරිය ගිරයකින් ඔහුගේ පුරුෂ ලිංගය අගල් දෙකක් පමණ කපා බරපතල සිදු කර ඇති බවත් පසුව 1990 සුව සැරිය ගිලන් රථයකින් තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කවරක්කුලම පොලිසිය කීවේය.