මනෝප්‍රිය ගුණසේකර
රාත්‍රී සමාජ ශාලාවල භාවිතා කරන මත්පෙති ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැමියාට එරෙහිව නඩු නොපවරවා සිටීම සඳහා බිරිඳගෙන් රුපියල් ලක්‍ෂ 60ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 10ක් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සුරාබදු නියාමකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකාර සුරාබදු නියාමකවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී පැමිණිලිකාරියගෙන් රුපියල් ලක්‍ෂ 29කට අධික මුදලක් ලබා ගෙන ඇතැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පැමිණිලිකාරියගේ සැමියා නිරන්තරයෙන් විදේශ ගතවන පුද්ගලයකු බවත් මීට පෙර අවස්ථාවක සැකකරු විසින් ඔහු පරීක්‍ෂාවට ලක් කොට මත්පෙති ලඟ තබා ගෙන ඇති බව පවසමින් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව පවසා එලෙස නඩු නොපවරවා සිටීම සඳහා ඇයගෙන් රුපියල් ලක්‍ෂ 60ක අල්ලසක් ඉල්ලා ඇතැයි මුලික පරීක්‍ෂණ වලදී හෙළි වු බව එම නිලධාරියා පැවසීය.