සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා කුඩු ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියමින් සැකපිට රිමාන්ඩ් බාරයට පත්කැර සිටි නිසංසලා සඳා කුමාරි නමැති කාන්තාව රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප හතරක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
ඇගේ සැමියා මාසයක කාලයක දී අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ නම් ඇප අවලංගු කර යළි රිමාන්ඩ් භාරයට පත්කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය. මවත් පියාත් නොමැතිවීම හේතුවෙන් තමන් මේ යුවලගේ දියණියන් තිදෙනා දැඩි සේ අසරණ වී ඇතැයි සැකකාරියගේ නීතීඥ ප්‍රසාද් සිල්වා මහතා කරන ලද කරුණු දැක්වීම පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝග නිකුත් කැරිණි.

