සැමන් කන්න වැවට යන්න


ඕනෑම මිරිදිය මසකුගෙන් සැමන් මසුන්ගේ රසට සමාන පෝෂණීය ආහාරයක් නිෂ්පාදනය කිරීමට හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පීඨයේ සත්ව පාලන හා ධීවර අංශයේ මහාචාර්ය උදේනි එදිරිසිංහ පවසයි. සුපුරුදු සැමන් සුවඳ ගැනීමට නම් ඔලිව් තෙල් ස්වල්පයක් එක්කර ගතයුතු බවත් ඔලිව් තෙල් නොමැතිව වුවද සුපුරුදු සැමන් රස ලබාගත හැකි බවත් මහාචාර්යවරයා කියයි. හොඳින් පිරිසුදු කරගත් මසුන් විනාඩි 15ක් පමණ ලූණු දියරයේ ගිල්වා තබා ලූණු දියර ඉවත්කර දෙහි යුෂ, ගම්මිරිස් කුඩු සහ ඔලිව් තෙල් ස්වල්පයක් දමා කලවම් කර සෙන්ටිගේ‍්‍රඞ් අංශක සියයක උෂ්ණත්වයක පීඩන උඳුනකින් විනාඩි 15ක් පමණ පිසගත යුතු බව මහාචාර්ය එදිරිසිංහ කියයි. මසුන් කිලෝ පහක් සඳහා ඔලිව් තෙල් තේ හැඳි තුනක් පමණ සෑහෙන බව ද ඔහු පවසයි.