
(යොහාන් භාසුර)
නව මෝටර් රථ 49,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සැප්තැම්බර් මස ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පැවසීය.
සැප්තැම්බර් මස ලියාපදිංචි කළ මෝටර් රථ 48,957 මෙම වසරේ මාසයක් තුළ ලියාපදිංචි කළ වැඩිම නව මෝටර් රථ සංඛ්‍යාව බවත් මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා මාස නවයක කාලය තුළ නව මෝටර් රථ 220,538ක් ලියාපදිංචි කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
සැප්තැම්බර් මාසය තුළ පමණක් යතුරුපැදි 32,845ක් ලියාපදිංචි කර ඇති අතර පසුගිය මාස 9 තුළ යතුරුපැදි 160,590ක් ලියාපදිංචි කර ඇති බවත් මෙම වසරේ පළමු මාස නවය තුළ කාර් රථ 37,115ක් සහ ත්‍රීරෝද රථ 8,820 ක් ලියාපදිංචි කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

