සැප්තැම්බර් 2 දා සිට රජයේ පාසල් සාමාන්‍ය අතට


සැප්තැම්බර් 2 වැනිදා සිට රජයේ පාසල් වල  6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ සිසුන්ට ද සැප්තැම්බර් 08 සිට සමාන්‍ය පරිදි පාසල් ආරම්භ කරන බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.