
(යොහාන් භාසුර)
ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් සැපයුම්කරුවන් ඇතැම් භාණ්ඩවල මිල ඉහළ දමා ඇතැයි සතොස සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය.
සැපයුම්කරුවන් මිල ඉහළ දැමූ භාණ්ඩ පැවැති මිලට වඩා ඉහළ මිලකට අළෙවි කිරීමට සිදුවන බවත් ඒ හේතුවෙන් ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල ඉහළ යා හැකි බවත් සභාපතිවරයා පැවසීය.
භාණ්ඩ මිල නිරන්තරයෙන් උච්ඡාවචනය වීම නිසා සැපයුම්කරුවන් මාස තුනක කාලයකට ගිවිසුම්ගත වීම ප්‍රතික්ෂේප කළ බවත් ඒ හේතුවෙන් මේ මස 15 වැනිදා සිට අගෝස්තු මස 15 වැනිදා දක්වා මාස දෙකක නව ගිවිසුමකට එළඹි බවත් සභාපතිවරයා කීය.

