සැප වාහන ජාවාරමක් කළ ටියුෂන් කත අල්ලයි


ගෙයින් ගෙට ගොස් දරුවන්ට ඉංග්‍රීසි උගන්වමින් වාහන ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ හැකි ඇය වාහන කුලියට ගෙන ඒවා විවිධ පුද්ගලයින්ට විකුණා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකාක බව කියමින් යැයි පොලිසිය පවසයි. පානදුර පොලිස් කොට්ඨාශ බුද්ධි අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව කරන ලද විමර්ශනයකින් පසු ඇය අත්අඩංගුවට ගනු ලැබ සිටියි. කුලියට ලබාගත් රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමක් සහිත සැප වාහන හතරක් ද සොයාගෙන ඇත.

319