සැප රියෙන් ගිය ලක්ෂ 68 ක කේරල ගංජා සොයා ගනී


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
මරදාන මගී ගුවන් පාලමේ ගැටී අනතුරට ලක්ව තිබු සුඛෝපභෝගී ජිප් රථයේ තිබි රුපියල් ලක්ෂ 68 කට ආසන්න වටිනා කේරල ගංජා කිලෝ 68 ක් අද (14) අලුයම සොයා ගත් බව මරදාන පොලිසිය කියයි.

අනතුරට ලක්වූ එම ජිප් රථය පරීක්ෂා කිරිම සඳහා පොලිස් නිලධාරීන් ඒ අසලට යාමේ දී එහි සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු පලා ගිය බව පොලිසිය පවසයි.

එහි ලියාපදිංචි අංකය ඔස්සේ මෝටර් රථයේ අයිතිකරු හා පලාගිය පුද්ගලයන් සොයා පරීක්ෂණ පවත්වන බව පොලිස් නිලධාරීයකු පැවසීය.

 ඡායාරූප ලහිරු හර්ෂණ