කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය හරස්පාරට නුදුරින් කිරිබත්කුඹුර ප්‍රදේශයේදී අද (28) පෙරවරුවේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයකට යටවීමෙන් බස්නැවතුම්පලේ සිටි අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
වේගයෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය බස්නැවතුම්පොලේ සිටි දෙදෙනා යටකරගෙන ගොස් කොට්ටන් ගසක හැපී නතර වී ඇති බවත් අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
කොළොන්නාව සිට සම්මන්තුරේ දක්වා ගමන් කරමින් තිබු මොටර් රථය ගසේ හැපී දැඩි අලාබහානි සිදුවී ඇති අතර එහි ගමන් ගත් හයදෙනෙකුගෙන් යුත් පවුලේ සාමාජිකයන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි.
රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.




