සැදෑ සමයේ සැනසීම ඉල්ලයි


2006 විශ්‍රාම වැටුප් විෂමතා ඉදිරි අය වැයෙන්  වහා විසදීම, රජයේ සේවකයින්ට සාපේක්ෂව ජීවන වියදමට සරිලනසේ විශ්‍රාම වැටුප් ද වැඩි කිරීමට  ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන  සමස්තලංකා විශ්‍රාමික සංවිධාන එකමුතුව සංවිධානය කළ  උද්ඝෝෂණයක්  කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී  අද දහවල් පැවැත්විණි.

විශ්‍රාමික සංගම් කිහිපයක සාමාජික සාමාජිකාවන්  විශාල පිරිසක්  මෙම විරෝධතාවට එක්ව සිටි අතර  ඔවුන් සටන් පාඨ කියමින්  විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිටකොටුව ගුණසිංහපුර සිට කොටුව දුම්රියපොළ දක්වා විරෝධතා පාගමනක යෙදී සිටියහ.

තමන්ගේ සැදෑ සමයවත් නිදහසේ ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිති.