සැත්කමට උදව් කළාට පිං දෙයි


තම දියණිය  උත්පලා මධුභාෂිණිගේ   පාදයේ සැත්කම  සඳහා  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ  10 වැනි වාට්ටුවට  මේ මස 20 වැනිදා  ඇය ඇතුළු කරන ලෙස විකලාංග විශේෂඥ වෛද්‍ය  ආනන්ද පෙරේරා මහතා  උපදෙස් දී ඇතැයි  ඇගේ පියා වන  කේ ඒ අජිත් නිශාන්ත මහතා පවසයි.

එක දිගට හය මාසයක් ද ඇතුළුව  මාස එකොළහක්  ඇයට රෝහලේ ගත කිරීමට සිදු වෙතියි  වෛද්‍යවරුන් ඇයට උපදෙස් දී ඇත.

දියණියගේ සැත්කම වෙනුවෙන්  මුදල් සොයා දීමට  වෙහෙස මහන්සි වු  ලංකාදීප පුවත්පත ,වෙබ් අඩවිය, ජර්මනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ප්‍රදීප් මහතා ඇතුළු  දෙස් විදෙස් පරිත්‍යාගශීලී  සැමටම  පියා ද ,මව ද ,දියණිය ද ස්තූති පළ කරති.

පියාගේ දුරකතන අංකය 072-3404050

92