සැඩ පහරට ගසාගෙන ගිය පාපැදිකරු සොයයි


තිලකරත්න දිසානායක 
 
ගම්පහ පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ බෝධිය අසල සපත්තු පාලම ඔස්සේ  පා පැදියකින් යමින් සිටි පුද්ගලයෙකු සැඩ ජල පහරට ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇත.

 
අධික වර්ෂාව නිසා අත්තනගලු ඔය පිටාර ගැලීම හේතුවෙන් පැරණි මිනුවන්ගොඩ මාර්ගය වසා ඇති අතර අද (23) සවස මැදි වයසේ අයෙකු පා පැදියක් තල්ලුකරගනිමින් එම සපත්තු පාලමෙන් එගොඩ වීමට යාමේදී එය පෙරලී ගසා ගෙන යද්දී අල්ලා ගැනීමට තැත් කරන අවස්ථාවේ ඔහුද පහරට  ගසා ගෙන යනු දුටු බව සිද්ධිය දුටුවෙක් පැවසීය.
 
ගම්පහ නගර සභා ගිනි නිවන ඒකක ප්‍රධානී සී.එන්.කේ.ජයවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ බෝට්ටුවක් යොදා ගිනි භටයෝ අතුරුදන් පුද්ගලයා සොයමින් සිටිති.