සැකකාරියකට පහරදුන් බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනාට ඇප


(නිමන්ති රණසිංහ)
 
වැලිකඩ කාන්තා සිර අංශයේ රඳවා සිටි සැකකාරියෙකුට පහරදුන්නැයි කියන සිද්ධියකට අදාළ බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනෙකුට, එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

එසේ ඇප මත මුදාහරිනු ලැබුවේ බන්ධනාගාර නිල නිවාසයේ පදිංචි රුවනි ඉනෝකා පොන්නම්පෙරුම සහ ජී.එස්.එම්.ඕෂණී කුමාරි කරුණාරත්න නමැති බන්ධනාගාර නිලධාරිනියන් දෙදෙනාය.