සැකකරුවෙක් හමිබන්තොට බන්ධනාගාරයේදී මිය යයි


 


(දිලීප් ජයසේකර)

හම්බන්තොට මහාධිකරණයේ පවතින නඩුවකට අදාල  වරෙන්තු නිකුත් කර තිබු සැකකරුවෙකු අම්බලන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමෙන් පසු  හදිසියේ රෝගාතුර වී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇතතේ මහආර,බැරගම,අම්බලන්තොට ලිපිනයේ පදිංචි 45 හැවිරිදි පරනමානගේ තිලක් ප්‍රේමලාල් නැමති  පුදුගලයෙකි.

මියගිය සැකකරු මිනීමැරුම් නඩුවක විත්ති කරුවෙකු වන අතර ඔහුට එරෙහිව හම්බන්තොට මහාධිකරණයේ නඩු විභගයක් පවති. ඔහු අධිකරණය මගහැරීම හේතුවෙන් ඔහුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබුණි.

ඒ අනුව ඊයේ (24) පෙරවරුවේ අම්බලන්තොට පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 29 වන දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එලෙස බන්ධනාගාර ගත කෙරුණු සැකකරු හම්බන්තොට බන්ධනාගාර රැදවුම් ස්ථානයේ රදවා සිටියදි අසනීප වි තිබේ.හදිසියේ අසනිප වු සැකකරු බන්ධනාගාර නිළධාරින්ගේ ආරක්ෂාව යටතේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි මියගොස් තිබේ.