සැකකරුවෙක් පළා ගියැයි කහවත්ත පොලීසියේ දෙදෙනකුගේ වැඩ තහනම්


 
(  ලසන්ත නිරෝෂණ ) 
 
කහවත්ත පොලිසිය ව්සින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසියෙන් පළා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්  කහවත්ත පොලිසියේ නිලධාරීන් දෙනෙකු  අද(  19 )  වැඩ තහනමට ලක් කර තිබේ
 
උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් සැරයන් වරයෙකුගේ වැඩ තහනම් කරනු ලැබ ඇත.          
රත්නපුර සහකාර පොලිස් අධිකාරිවරයෙකු ව්සින් සිදු කරන ලද පරික්ෂණයකින් පසු මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරිමට නියම කෙරුණි.         
 
ජංගම දුරකථන සොරකමක් සබ්ම්න්දව අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනිමෙන් පසුව ඔහු      ඊයේ  (  18)     කහවත්ත පොලිස් ස්ඨානයෙන් පළාගොස් ඇතැයි පරික්ෂණ වලදි හෙළි ව්  තිබේ.         
 
පොලිස් සිරමැදිරියේ සිටියදි නිලධාරීන් ට සිදුවු අතපසුවිමක් නිසා සැකකරු පළා ගොස් ඇතැයි පොලිසිය පරික්ෂණ වලදි හෙළි ව් ඇත. සැකකරු සොයා වැඩ්දුර පරික්ෂණ සිදුකෙරේ.                 
 
මෙම සැකකරු රුපියල් විසිදෙදෙහසක ජංගම දුරකථනයක් සොරාගැනිම ගැන සැකපිට කහවත්ත නීලගම ප්‍රදේශයේ දි  කහවත්ත පොලිසිය ව්සින් ඊයේ  18 වනදා අත් අඩංගුවට ගනු ලැබිය .