සැකකරුවන් රැඳවීමට පැරණි බන්ධනාගාර සංකීර්ණය නම්කරයි


(විනීතා එම් ගමගේ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තබාගැනීමේ ස්ථානයක් ලෙස තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණය ප්‍රකාශයට පත්කෙරිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් මේ සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.