(රවින්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොල බණ්ඩාර කොස්වත්ත ප‍්‍රදේශයේ අද (30) කළ සෝදිසි මෙහෙයුමකදී තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් සිව්දෙනෙකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව වාරියපොල පොලිසිය කියයි.
මෙම පිරිස සන්තකයේ තිබී පව්පික් ජමාත් සංවිධානයේ සීඩී තැටි, අත්පත‍්‍රිකා, ලැප්ටොප් පරිගණකයක්, ලියකියවිලි ඇතුළු භාණ්ඩ ආරක්ෂක අංශ බාරයට ගැණිනි.
කඩුවක්, පිහි කීපයක් ඇතුළු ආයුද ළඟ තබාගත් දෙදෙනෙක්ද අත්අඩංගුවට පත්විය.
උදෑසන 6.30 ට පමණ මෙහෙයුම ආරම්භ වූ අතර බණ්ඩාරකොස්වත්ත නගරය නිවාස කීපයක් සහ මුස්ලිම් පල්ලි කීපයක් මෙහිදී සෝදිසියට ලක්විය.
යුධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීහු 150ක් පමණ මෙහෙයුමට එක්ව සිටියහ.

