සැක මරණයට හේතුව කියයි


පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත්අඩංගුවටගත් මොහොමඞ් සතාක් මොහොමඞ්  පාහිම් නම් දෙදරු පියා මිය යෑමට හේතු වී ඇත්තේ අස්වාභාවික ඉරියව්වකින් ඔහුගේ සිරුරේ උඩ කොටස තෙරැපී ඇති නිසා යැයි ද ඔහුගේ ඇඟේ තුවාල ඇතැයි ද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධරයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. පොලිස් පොත අත්සන් කිරීමට ගිය ඔහුගේ සිරුර කොළඹ රෝහලේ මෘත ශරිරාගාරයෙන් සොයා ගැනිණි.