( එච් චන්දන සහ හිරාන් ප්‍රියංකර )
ඉන්දියන් ධීවරයින්ට අයත් බව සැක කෙරෙන බෝට්ටු දෙකක් සින්නපාඩු වෙරළට ගොඩ ගසා තිබියදි අද අළුයම සොයාගත් බව උඩප්පු පොලීසිය කියයි.
ඉන්දියාවේ ලියාපදිංචි කර ඇති ධිවර බෝට්ටු දෙකක් බව සින්නපාඩුව ධිවර සමිතියේ සභාපති ජේම්සන් ප්‍රනාන්දු මහතා පැවසිය .
දිගින් අඩිතිහක් හා පළලින් අඩි හයක් පමණ වන මේ වර්ගයේ බෝට්ටු ශ්‍රී ලංකාවේ ධීවරයන් භාවිතා නොකරන අතර මේ වර්ගයේ බෝට්ටු දකුණු ඉන්දියාවේ ධීවරයන් බහුලව භාවිතා කරයි . එන්ජින් දෙකක් සවිකර ධාවනය කල හැකි මේ එක් බෝට්ටුවක පහසුවෙන් පුද්ගලයන් දහයකට පමණ ගමන් කල හැකි අතර දින කීපයක් මුහුදේ ධිවර පන්න ක්‍රම කිරීමේ හැකියාවක්ද පවතී .
මේ බෝට්ටු දෙකේ එන්ජින් ඉතා මෑත ගලවා ඇති බවට සැක කළ හැකි සාක්ෂි ඇති බව ද සින්න්පාඩුව ධීවරයන් පෙන්වා දෙන ලදී . මේ බෝට්ටු දෙක තුල අත්වැසුම් කීපයක් , ඉන්දියාවේ භාවිතා කරන බුලත් ඇසුරු කුඩා ඇසුරුමක් , ප්ලාස්ටික් කෑන් හයක් දක්නට ලැබිණි .
මේ බෝට්ටු දෙක පිලිබදව ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාවට හා උඩප්පුව පොලිසියට පරීක්ෂණ සිදු කරණු ලබයි.




