සාලියවැව ජල පෝම්පාගාරයක් ගිනි ගනී



 
ජයරත්න වික්‍රමරාච්චි
 
සාලියවැව පානීය ජලයෝජනා ක්‍රමයට අයත් කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරය අද (5) ගිනිගෙන දැවී ගොස් තිබේ.

ගින්නෙන් පොම්පාගාරයට දැඩි අලාභයක් සිදුවී ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

ගින්න ඇතිවන අවස්ථාවේ දී කිසිවෙකුත් එහි නොසිටි බවත් මෙතෙක් එහි ස්ථීරව සේවකයකු රැදවීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවත් එම ජලයෝජනා ක්‍රමයේ ස්ථාන භාර නිලධාරි අජිත් මුණසිංහ පෙරේරා මහතා පැවසීය.

ගින්න තරමක් දුරට හෝ මැඩපැවැත්වීම සඳහා කලාඔය යුද හමුදා කදවුරේ සහයෝගය ලැබුණු බවත් ඔහු කීය.

මෙම පොම්පාගාරයේ ජල මොටර් 3ක් සවිකර ඇත. එමගින් සැතපුමක් පමණ දුරින් පිහිටි ජල පවිත්‍රාගාරයට නිරන්තරව ජලය පොම්ප කෙරේ.