
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කඩුවෙල පහල බෝමිරිය අතුරුගිරිය මාර්ගයේ වෙලේකඩේ හංදිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් අද (1) සොයාගත් බව නවගමුව පොලිසිය කියයි.
ඇළ මාර්ගයක යතුරු පැදියක් තිබෙන බවට නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් සිල්වා මහතාට ලද තොරතුරක් අනුව යතුරු පැදිය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි
යතුරු පැදිය ඉදිරිපස සහ පසුපස සවිකර තිබ කර තිබෙන ලියාපදිංචි අංක දෙක ම ව්‍යාජ ඒවා බව පරීක්ෂණ පවත්වන පොලිස් නිළධාරියෙකු පැවසීය.
යතුරුපැදියේ සහ එන්ජින් අංක ඔස්සේ යතුරුපැදිය හිමිකරු සොයා විමර්ශන සිදුකරන බව එම නිලධාරියා කීය
ඊයේ (31) රාත්‍රියේ දී වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට නාඳුනන පුද්ගලයන් පැමිණ තිබුනේ ඉස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් බැවින් ඇළ මාර්ගයේ තිබී සොයාගත් යතුරුපැදිය එය දැයි සැකයක් පවතින බව පොලීස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

