සාලමුල්ල සහ බණ්ඩාරනායකපුර 56ක් නිරෝධායනයට


(නිමන්ති රණසිංහ)

කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන  ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි කොළොන්නාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

ඒ අනුව කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 26 දෙනකු සහ රාජගිරිය බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පුද්ගලියන් 30 දෙනෙකු වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව ද එම කාර්යාලය පවසයි.