සාර්ථක මෙහෙවරකින් පසුව සංගක්කාර ‐ මහේල දැවී යති


ශී‍්‍ර ලංකාව සහ  ඕස්්ටේ‍්‍රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලබාගත් ලකුණු 316 ට පිළිතුරු සොයා යන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) දිවා ආහාරය සඳහා කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියේය. එස්. එස්. සී. පිටියේදී හයවැනි වරටත් ටෙස්ට් ශතක සම්බන්ධතාවකට දායක වූ මහේල ජයවර්ධන (51* සහ කුමාර් සංගක්කාර (79) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක් එක් කිරීමෙන් පසුව දැවී ගිය අතර ශී‍්‍ර ලංකා පිල මේ වන විට  ඕස්ටේ‍්‍රලියානු පිලට වඩා ලකුණු 66 ක් පසුපසින් සිටී.
ඡායාරූපය : ශාන්ත රත්නායක
සංගක්කාර සහ මහේල ජයවර්ධන ලකුණක් කරා දිවයමින්