පාකිස්තානය ‘සාර්ක්’ සමුළුවේ සත්කාරකත්වය දැරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කරයි.
ඉදිරියේදී රාජකාරී ආරම්භ කිරීමට නියමිත ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු නව ආණ්ඩුව ‘සාර්ක්’ සංවිධානය තුළ පාකිස්තානයේ කාර්යභාරය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන එම ‘ද හින්දු’ වාර්තාවේ සඳහන් වේ.
පසුගිය මස පැවැති මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලෝක කුසලාන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක ඉම්රාන් ඛාන් ජය ලැබීය. මැතිවරණයෙන් ජය ලබමින් පාර්ලිමේන්තුවේ සිටින විශාලතම පක්ෂය බවට පත්වීමට ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සමත්විය.
මැතිවරණ ජයෙන් පසු ඉම්රාන් ඛාන් පළමු වරට පාකිස්තානයේ ඉන්දීය මහ කොමසාරිස් සිකුරාදා (10) හමු වී ඇති අතර එහිදි ඉහත කරුණු සාකච්ඡා වී තිබේ.
“සාර්ක් සමුළුව ඉතාම ඉක්මනින් ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට බලාපොරොත්තු වන ඉම්රාන් ඛාන් අගමැතිවරයා කියා සිටියා” යැයි පාකිස්තානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා උපුටා දක්වමින් ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මැතිවරණ ජයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉම්රාන් ඛාන් ඇමතීය.
“ඉන්දීය අගමැතිවරයා සහ ඉම්රාන් ඛාන් මහතා අතර දුරකතන ඔස්සේ පැවැති සාකච්ඡාවෙන් පසු දෙරට අතර සබඳතා යහපත් අයුරින් ඉදිරියට යනු ඇතැයි බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා” යැයි පාකිස්තානයේ මීළඟ ආරක්ෂක අමාත්‍යවරයා වනු ඇතැයි අපේක්ෂිත ෂිරීන් මසරායි සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත.
ඉන්දියාව හා පාකිස්තානය අතර තිබෙන ද්විපාර්ශවික අර්බුද හේතුවෙන් සාර්ක් සමුළුවේ ඉහළ මට්ටමේ හමුවක් පැවැත්වීම තරමක් අවිනිශ්චිතය. ඉන්දියාව සමුළුවට සහභාගී වන්නේ නම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වනු ඇතැයි නිලධාරියෙක් කීය.
මේ අතර ඉම්රාන් ඛාන් සහ පාකිස්තානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවේදී කාශ්මීරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු බව ෂිරීන් මසාරි තවදුරටත් සඳහන් කර ඇත.

- 055

