සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන ඒම ගැන කරුණු විමසීමට යයි


(නිමල කොඩිතුවක්කු)
එංගලන්තයෙන්  ඉවතලන සායනික ද්‍රව්‍ය ඇතුලූ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒම පිළිබඳව අදාළ සියලුම පාර්ශවයන් ආර්ථික  කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට  කැඳවීමට තීරණය කර තිබේ.
 
ඒ අනුව ජාත්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩළය, වරාය, රේගුව,  මධ්‍යම පරිසර අධිකාරිය ආදී සියලුම පාර්ශව කැඳවා ඒ සදහා කරුණු විමසන බව ආර්ථික  කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
 
අනිද්දා (24) පස්වරු 2.00ට මෙම  සභාව කැඳවීමට නියමිතය.
 
මේ පිළිබද සිදුකරන පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සදහන් කළ සභාපතිවරයා එම වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් සඳහන් කළේය.