සායනය නවත්වයි


සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව ආගරපනත අග්‍රාඔය පැවැත්වෙමන් තිබූ වෛද්‍ය සායනයක් හදිසියේ නතර කැර ගැබිණි මවුවරුනට බෙදා දීමට ගෙනා විදේශ  බෙහෙත් තොගයක් රජයේ රස පරීක්ෂණයකට  යොමු කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව තලවාකැලේ ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනක් අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු එහි ගියේ ආගරපතන පොලිසිය සමගය. විදේශ වෛද්‍ය සිසුන් බව කියන දස දෙනකු මේ සායනය පැවැත්වූ බවත් බෙදා දීමට ගෙනා බෙහෙත් රස පරීක්ෂකට යවන බවත් ඔහුගේ වාර්තාව අනුව ඉදිරි පියවර ගන්නා බවත් වෛද්‍ය නිලධරයා කියයි. ගැබිනි මවුවරු 1500ක් පමණ මෙම සායනයට පැමිණ සිටියහ. මෙම බෙහෙත් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට සහතිකයක් දිය නොහැකි හෙයින් ඒවා පාවිච්චි නොකරන ලෙස මවුවරුනට උපදෙස් දුන් බව අබේගුණවර්ධන මහතා කියයි.