සාම්පූර් වෙරළෙන් කෝටි 6ක හෙරොයින් අල්ලයි


(තරිඳු ජයවර්ධන)
 
ත්‍රිකුණාමලය සාම්පූර් ඉලක්කන්ද වෙරළ තීරයේ දමා ගිය හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 550ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ලංකාදීපයට පැවසීය.
 
එහි වටිනාකම රුපියල් මිලියන 66ක් පමණ වෙතැයි ද ඒ මහතා කීවේය.
 
මෙම හෙරොයින් තොගය පාර්සල් 21ක අසුරා තිබුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඡායාරූප - අමදෝරු අමරජීව