සාමනේර හිමියන්ට අතවර කළ අයෙක් රිමාන්ඩ්


(උපාලි ආනන්ද)

අනුරාධපු නගරයේ සිට  ඉතා දුර බැහැර පිහිටි තම නිවසට යාමට බස් රථයක් එන තුරු රාත‍්‍රි කාලයේ අනුරාධපුර නව බස්නැවතුම්පොළේ රැඳී සිටි 17 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතල ලිංගික අපයෝනයක්  සිදු කළ සැකකරුවකු ජනවාරි 16 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ  අතිරේක දිසා  විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අද(10) නියෝග කළේය.

අතවරයට පත් සාමණේර හිමිනම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට තවදුරටත් නියෝග කරනු ලැබීය

මෙසේ රිමාන්ඩ් කෙරුණේ අනුරාධපුර කුම්බිච්චන්කුලම ජාතික නිවාස අංක 364 ලිපිනයේ පදිංචි බටුවිට හේවගේ විමලරත්න නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.