සාමණේර හිමිගේ සිරුර රිටිගල රක්ෂිතයෙන් හමුවේ
රිටිගල ආරන්‍ය සේනාසනයේ වැඩ සිටි අට හැවිරිදි සාමණේර හිමි නමකගේ මළ සිරුර රිටිගල රක්ෂිතයේ පොකුණුගල ප්‍රදේශයේ තිබී අද (10) පස්වරුවේ සොයගත් බව හබරණ පොලිසිය කියයි. ලක්සිරිගම නිමලරතන (8) නැමති සමණේර හිමිනම මෙසේ ඝාතනයට ලක්වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. කිසියම් පිරිසක් රක්ෂිතයේ ගැවසෙනු දුටු බව ගම්වාසීන් දැක ඇතැයි සේනාසනාධිපති ගලපිටිගල හේමරතන හිමියෝ කීහ.

