
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා වන සාම සාකච්ඡාවල දෙවන වටය මෙම සතියේ ආරම්භ වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ නමුත් සාම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් කතිබ්සාදේ ප්‍රකාශ කර තිබුණේ ඇමෙරිකාව සහ ඉරානය එක් සාකච්ඡා රාමුවකට එකඟ වනතෙක් සාම සාකච්ඡා ඉදිරියට යා නොහැකි බවයි.
දෙවැනි වටයේ සාම සාකච්ඡා සඳහා සුදානම්වීමට පාකිස්තානය ඊයේ(19) එරට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබිණි.
ඉරානය ප්‍රකාශ කර තිබුනේ ඇමෙරිකාව නව යෝජනාවන් ඉරාන උත්තරීතර ආරක්ෂක මණ්ඩලය සළකා බලමින් සිටින බවයි.
කෙසේ නමුත් අවසන් ගිවිසුමකට එළැඹීමට නම් ඉරානයට සහ ඇමෙරිකාව තවත් සෑහෙන දුරක් ගමන් කිරීමට සිදුවන බවද ඉරානය පවසා තිබිණි.

