අධ්‍යාපන පොදු සහතිත පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයින් පන්ලක්ෂ හැත්තෑ පන්දහස් එකසිය හතළිහක් ඉල්ලුම් කර අති බව විභාග කොමසාරිස් ඩබ්ලිව් . එන්. එම් . ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන හාර දහස් තුන්සීයක් ක් ඇති අතර මෙම ස්ථානවලදී පාසල් දරුවෝ තුන් ලක්ෂ අසූ හතර දහස් පනස් හයදෙනෙක් ද පෞද්ගලික අපේක්ෂකයෝ එක් ලක්ෂ අනූ හතර දහස් අසූ හතරදෙනෙක් ද අද විභාගය සඳහා සහභාගී වෙති
විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම අදියර දෙකකට සිදු කිරීමට නියමිත අතර දෙසැම්බර් 30 වන දින සිට ජනවාරි 7 දක්වා පළමු අදියරත් නැවතත් ජනවාරී 14 සිට ජනවාරි 22 දක්වා දෙවන ඇගීමත් සිදු කිරීමට නියමිතය.