සාපෙළ සිසුන්ට හැඳුනුම්පත්දීමට එක්දින සේවාවක්


(නිමල කොඩිතුවක්කු)

මේ වසරේ අධ්‍යාපන  පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් කඩිනමින් ලබා දීම සඳහා ලබන 25 වැනිදා විශේෂ එක්දින සේවාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී ගුණතිලක මහතා ලංකාදීපයට පැවසීය.

එදිනට පාසල් අයදුම්කරුවන් පැමිනීම අනිවාර්ය නොවන බවත් එම දරුවන්ගේ ඥාතීත්වය තහවුරු කළ හැකි වෙනත් පුද්ගලයකු එම ඥාතීත්වය තහවුරු කරමින්  ග‍්‍රාම නිලධාරී විසින් සහතික කර ලබාදෙන බලය පැවරීමේ ලිපියක් රැගෙන ඒම ප‍්‍රමාණවත් බවත් ඒ මහතා කීය.

දෙපාර්තමේන්තුව වෙත ඉල්ලූම්පත් යොමු කර ඇති පාසල් ඉල්ලූම්පත් සඳහා හැදුනුම්පත් සකස් කර මේ වනවිට තැපැල්  කරමින් පවතින බවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.