(අමල් වික්‍රමරත්න)
අපොස සාමාන්‍ය පෙළ දෙවැනි අදියරේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වෙනුවෙන් අද සිට කොළඹ, මාතර,මහනුවර,කුරුණෑගල සහ බදුල්ලේ පාසල් 5ක් නිවාඩු ලබාදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මේ අනුව කොලඹ සි.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, මාතර මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල සි.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර විද්‍යාලය,බදුල්ල ඌව මධ්‍ය මහා විද්‍යාලය අද (23) සිට පෙබරවාරි 3 වැනි දා දක්වා එම පාසල් නිවාඩු ලබාදෙනු ඇත.
2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ උත්තර පත්‍ර ඇගයීම හෙට (24) සිට පෙබරවාරි මස 3 වැනි දා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව මේ අනුව කටයුතු කරනු ඇත.
මෙයට අමතරව තවත් පාසල් 24 තුළ ද විභාග උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මෙම කාලය තුළදී ම පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

