සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපති කරු


(නිමල කොඩිතුවක්කු)

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නව සභාපතිවරයා වශයෙන් හිටපු කතානායක කරූ ජයසූරිය  මහතා පත්කර තිබේ.

එම ව්‍යාපාරයේ නියෝජිතයන් ඉකුත්දා (7) කැඳවූ විශේෂ  හමුවකදී  එහි සභාපති ධූරයට කරු ජයසූරිය මහතා ඒකමතිකව පත් කරගෙන ඇත.

අපවත් වී වදාළ කෝට්ටේ නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2012 වසරේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ කෙරිණ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය සහ ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම වෙනුවෙන් එම ව්‍යාපාරය කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළේය.

උන්වහන්සේගේ අපවත්වීමෙන් පසුව එම ධූරයට මහාචාර්ය සරත් විජේසූරිය මහතා පත්කෙරිණ.