දිවයින පුරා පොලිස් කොට්ඨාස 42 තුළ නීති විරෝධී අයුරින් ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක බැනර් හා කටවුට් ඉවත් කිරීමට කම්කරුවන් 1989 දෙනකු යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
පොලිස්පතිවරයා පෞද්ගලිකවම රට පුරා සංචාරය කරමින් සාධාරණ මැතිවරණයක් සඳහා නීතියට අනුකූල කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ නිරතව සිටින බවත් මේ දිනවල මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වල සංචාරයේ නිරතවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

